විභාග සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ රටෙහි පවත්නා ආපදා තත්වය නිසා සිදුවිය හැකි බාධාකාරී තත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සළසාදීම සදහා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර ඔත්තෝබර් 11 දින සිට නොවැම්බර් 06 දින දක්වා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂිණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 අදාල කාල සීමාව තුළ පැය 24 පුරා ව පවතී. ඒ අනුව විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු මෙම දුරකථන අංක හරහා මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here