ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බැවින් හෙට (9) සිට ලබන 12දා දක්වා එම ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට උපදෙස් දෙයි.

 

ඔක්තෝබර් මස 09 දින සිට ඉදිරි දින කිහිපයේදී, නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවල (උතුරු අක්ෂාංශ 13ත්, 18 ත් අතර සහනැගෙනහිර දේශාංශ 85 ත්, 96 ත් අතර) තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

වැසි තත්ත්වය:

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here