මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 832 දක්වා වැඩි වෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වන විට තහවුරු වූ සමස්ථ ආසාදිතයින් ගණන 832 දක්වා වැඩි වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කල නිවේදනයේ සඳහන්.

මෙම සියළු දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි ඇඟලුම් කම්හලේ සේවකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here