විකිණීමට තැත් කළ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ඉමදූව පොලිස් වසමේ කෝදාගොඩ  ප්‍රදේශයේ දී විකිණීම සඳහා සූදානම් කර තිබූ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුනු ඔත්තුවක් අනුව ඉමදූව පොලිස් ස්ථානයේ නිළධාරීන්  හා එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20,26,38,44 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වෙල්ගම,නෝවුඩ්, දෙණිපිටිය,කැටපල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (01) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වාලම්පුරි වල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බව පොලීසිය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here