කොවිඩ් නිසා පීඩාවට පත් සංචාරක හෝටල් හා වාසස්ථානවල විදුලි බිලට සහනයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දී තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇති බවයි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඊට අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ. එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here