වප් පුර පසලොස්වක පොහොය අදයි.

සම්බුදු සසුන තුළ වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ , පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය සිදුවන වප් පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනානකොට සෝවාන් ඵලය ලබාදී මනුලොවට වැඩමකිරීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සැරියුත් මහ තෙරැන්ට ප්‍රඥාලාභීන් අතර අග තනතුරු ප්‍රධානය කිරීම,සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, ද මෙම පොහොය දවසේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ.

‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනය. වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත. මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි. අට මහා කුසල් ගණයට අයත් පිංකම් අතර පළමු පිංකම වන්නේ කඨින චීවර පූජාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here