ඉන්දීය විශිෂ්ඨ ගායකයා කොරෝනා හේතුවෙන් ජිවිතයෙන් සමු ගනී

ඉන්දියාවේ දක්ෂ ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය අගෝස්තු 05 වන දින රෝහල් ගත වූ එස්.පී. බාලසූබ්‍රමනියම් චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (25) මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මියයන විට 74 වන වියේ පසුවූ මෙම විශිෂ්ට ගායකයා වසර 55 ක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here