පාලකයිනි, පරිසර සංහාරය වහා නවතනු – කොළඹදී නිහඬ විරෝධතාවක්

” පාලකයිනි, පරිසර සංහාරය වහා නවතනු” මැයෙන්,නිහඩ විරෝධතාවයක් අද (25) දින මධ්‍යම පරිසර අධිකාරීය ඉදිරිපිටදි පැවැත්විණි.

” ජීවය සුරකිමු ” සංවිධානය විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මේ සදහා පරිසර සංවිධාන , තරුණ සංවිධාන හා සිවිල් සංවිධාන රැසක් සහභාගී වී තිබුණි.

මේ අතර අද පැවති ලෝක පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ සමාජ මාධය එස්සේ ප්‍රචාරය වන ආකාරයේ පරිසර විනාශයක් රට තුළ සිදු නොවන බවයි.

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ඇතැම් කරුණු සත්‍යයෙන් තොර බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here