20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයාගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස
- අගවිනිසුරු ජයන්ත ජයසූරිය
- බුවනෙක අලුවිහාරේ
- ප්‍රියන්ත ජයවර්ධන
- විජිත් මළල්ගොඩ
- සිසිර ද ආබෲ
යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් නම් කර ඇත.
මෙම පෙත්සම් සලකා බැලීම ලබන 29 වැනිදා සිදු කිරීමට නියමිතය.