ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේදී මියයයි.

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට වයස අවුරුදු 59 ක් වූ ඩීන් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ නිවේදන කටයුතු වෙනුවෙන් ඉන්දියාවට පැමිණ සිටි අතර අද දහවල් 12ට පමණ හෘදයාබාධයක් හේතුවෙන් මුම්බායිහිදී මිය ගොස් තිබේ.

1984 – 1994 දක්වා කාලයේදී ටෙස්ට් තරඟ 52කට සහභාගි වී ඇති ඩීන් ජොන්ස් පකුණු 3631න් රැස්කර ඇති අතර ඔහු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 216 කි.

ඩීන් ජෝන්ස් 1997 -98 කාලයේදී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පුහුණුකරුවෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here