රජයෙන් සහන මිලට පොල් – උපරිම සිල්ලර මිලකුත් නියම වේ.

වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදු වන බලපෑමට පිළියමක් ලෙස රු. 60ක සහන මිලට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් පොල් බෙදාහැරීම ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් අද දින පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමඟ ද සිදු කෙරිණි.

ඒ අනුව ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස පාරිභෝගිකයන් සඳහා සහන මිලට පොල් බෙදා හැරීම හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රු. 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කෙරුණි.

මේ අතර පොල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කලේ පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කරන බවත් වැඩි මිල ගණන් වලට අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here