බස්නාහිර පළාතේ පාසල් වල 11 වන ශ්‍රේණි 25 වන දා ආරම්භ වෙයි

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල 11 වන ශ්‍රේණිය ලබන 25 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එමෙන් ම ජනවාරි 11 දින බස්නාහිර පළාත සහ පිට පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් වල පිහිටි පාසල් හැර සෙසු පාසල්වල ප්‍රාථමික පන්ති සහ පෙර පාසල් ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here