කුරුණෑගල රජ පීල්ල උද්‍යානයේ පැරණි දැවැන්ත ගස් කපා දැමේ

කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයේ වසර සිය ගණනක් පැරණි විශාල ගස් අද (02) දින කපා දමා ඇති බව වාර්තා වෙයි.උද්‍යානයේ තිබූ පෞරාණික වටිනාකමක් සහිත නිසාම අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක්ද ඩෝසර් කර මුළුමනින්ම කඩා දමා තිබේ.

නගර සභාවේ අනුමැතිය සහිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඩෝසර් කිරීම සඳහා පුද්ගලික සමාගමකට මේ සඳහා කොන්ත්‍රාත්තුව බාර දි තිබෙන බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කලේ හෙට දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳව පැහැදිලි කරන බවයි.

එහෙත් නගර සභාව විසින් නිසියාකාරව සම්මත කර ගත් සංවර්ධන සැලැස්මක් හෝ නොමැතිව මෙම උද්‍යානය ඩෝසර් කර ඇති බව පවසන ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙම ක්‍රියාවට විරෝධය පළකරමින් විවිධ ක්‍රියාමාරගවලට එළඹී සිටී.  

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here