ජපානයේ ප්‍රභල භූ කම්පනයක්

ඊසානදිග ජපානයේ ඉවාටේ සහ අමෝරි ප්‍රාන්තවලට රික්ටර් මාපකයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ.

පස්වරු 4:19 ට භූමිකම්පාව සිදු වී ඇති අතර භූ කම්පනය හේතුවෙන් ඇති වන සුනාමි අවදානමක් පිළිබඳව ද ජපාන කාලගුණ අංශ විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

නැගෙනහිර ජපාන දුම්රිය සේවය පැවසුවේ භූමිකම්පාවෙන් පසු විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ඉවාටේ සමහර ප්‍රදේශවල ෂින්කන්සන් බුලට් දුම්රිය මෙහෙයුම් කෙටි කලකට අත්හිටුවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here