දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක්

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි බලාපොරෙත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (27) උදෑසන නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ , උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here