සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සම්මානනීය සුපිරි හොලිවුඩ් නළු ශ්‍රීමත් ශෝන් කොනරි අභාවප්‍රාප්ත වී තිබේ.
ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ශෝන් කොනරි අභාවප්‍රාප්ත වනවිට 90 වැනි වියේ පසුවිය. අයහපත් සෞඛ්‍ය තත්වයක සිටි ඔහු බහමාස් හිදී මියගිය බව පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍යන්ට සඳහන් කර තිබේ.
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළුවා ලෙස ශෝන් කොනරි අවස්ථා 7කදී රංගනයෙන් දායක විය. දශක ගණනාවක් දිවෙන ඔහුගේ රංගන දිවිය තුළ ඔස්කාර් සම්මානයකින්, බැෆ්ටා සම්මාන දෙකකින් සහ ගෝල්ඩන් ග්ලොබ් සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ.