සියළු දරුවන්ට අන්තර්ජාල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන්න – ජවිපෙ

රට පුරා කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති පාසල් සිසුන්ගේ අධ්‍යාපයනයට වහා විසඳුම් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු යැයි පවසමින් ඊයේ (11) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණය සඳහා දෙමව්පියන්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කලේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවයි.

දශක ගණනාවක් තිස්සේ මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ නොමිලේ අධ්‍යාපනය වන බව පවසන බිමල් රත්නායක මහතා , සෑම පාසල් දරුවෙකුටම කොරෝනා අවසන් වනතුරු නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපේ රටේ ආණ්ඩුවට අයිති ගුවන්විදු, රූපවාහිනී නාලිකා බොහොමයක් තිබෙනවා. පෞද්ගලික නාලිකාත් රැසක් තිබෙනවා. ඒවයෙන් ගුවන් කාලය ලබාගෙන කඩා වැටිලා තිබෙන පාසල් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරන්න.” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here