අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවය.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 694ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 26,516කි.