කොවිඩ් අරමුදලෙන් වියදම් කරලා තියෙන්නේ 16%යි අනෙක් 84%ට මොකද වුනේ? – අනුර

කොවිඩ් වසංගතය විශාල අර්බුදයක පවතින වෙලාවක කොවිඩ් අරමුදලෙන් කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට වැඩ කර තිබෙන්නේ 16% ක් වන සොච්චම් ප්‍රමාණයක් බවත් 84% ප්‍රමාණයක් පොදිබැඳගෙන සිටින්නේ කුමක් වෙනුවෙන්දැයි බව ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටියේය.

2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්ණ කර සිටියේ ,කොවිඩ් බවට තහවුරු වූ කෙනෙකු රෝහලක මියගියහොත් එම ආදාහන කටයුතු රෝහල විසින් සිදුකරනු ලබන නමුත් මිනී පෙට්ටය ඥාතීන් විසින් ලබා දිය යුතු බවත් මෙලෙස මිය යන බොහෝ දෙනා ලොක්ඩවුන් කර තිබෙන ප්‍රදේශ වලින් සිදුවන බැවින් අසරණ භාවයට පත් වී සිටින ඔවුන්ට අඩුම වශයෙන් කොවිඩ් අරමුදලෙන් එම මිනී පෙට්ටියවත් ලබා දිය නොහැකිදැයි යනුවෙනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ 2020 නවවැනි මස 30 වැනිදා වන විට කොවිඩ් අරමුල සතුව මිලියන 1640 ක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙන බවයි.එහි වියදම් වාර්තාවක් ලබාදී තිබෙන අතර පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා මිලියන 100 ක් වෙන් කොට තිබෙන නමුත් වියදම් කර ඇත්තේ මිලියන 42 ක් බවත් ,දැනුවත්කිරීමේ වැඩහටන්වලට මිලියන 100 ක් වෙන්කර තිබුනත් වියදම් කර ඇත්තේ මිලියන 24 යි යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here