මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් වී තිබේ. ඒ ඊයේ වාර්තා වූ මරණ 5ත් සමඟින්ය.
ඊයේ මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි.
- කොළඹ 10, අවු 65ක පිරිමි පුද්ගලයෙක්
- රත්මලාන, අවු 69ක කාන්තාවක්
- කිරුළපන, අවු 71ක කාන්තාවක්
- කොළඹ 2, අවු 81ක කාන්තාවක්
- දෙමටගොඩ, අවු 82ක පිරිමි පුද්ගලයෙක්
මේ අතර ඊයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 18075ක් වී තිබේ.