15 වැනිදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

අද (11) රාත්‍රියේ සිට එලඹෙන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිඳු පුද්ගලයෙකු බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත සංචරණය කිරීම තහනම් කර ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එසේම ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටතට ධාවනයවන බස් රථ සහ බස්නාහිර පළාතට පැමිණෙන බස් රථ ධාවන කටයුතු නතරකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සියලු බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

තවද අද රාත්‍රී 10 සිට 15 වැනිදා දක්වා දුම්රිය වලට බස්නාහිර පළාතට ඇතුළු වීමට අවසර ලබා දී ඇතත් පිටවීමට අවසර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් ධාවනය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here