එක් අසුනක එක් මගියෙක් – බස් ගාස්තු 50%කින් වැඩි වෙයි

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව බස් ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් වලට අවනත වෙමින් ලංගම සහ පෞද්ගලික බස් ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කර සිටියේ එක් ආසනයක එක් මඟියෙක්ට පමණක් ආසන සැපයෙන අතර බස් ගාස්තුව දැනට පවතින බස් ගාස්තුවට වඩා 50% කින් වැඩි කිරීමට සිදුවන බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති බස් කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙසේ බස් ගාස්තු වැඩි කළද කොවිඩ් අවධානම බැහැර වී ඇතැයි රජය තීරණය කළ වහාම මේ වනවිට පවතින සාමාන්‍ය බස් ගාස්තු ක්‍රමය ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

“තාම එළිදැක්වූවේ නැති වුණත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් අපි මේ වනවිට යුද හමුදාපතිවරයාටත් සෞඛ්‍ය අංශවලටත් හඳුන්වා දීලා තියෙනවා. සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වය යටතේ සුරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියන දේ පිළිබඳව තමයි එහි සකස්කරලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි,” යනුවෙන් ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here