වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත  ප්‍රහාරයක්  එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්ථාන 6ක සිදුකල වෙඩි තැබීම්වලින් එක් පුද්ගලයෙකු මියගොස් පොලිස් නිළධාරීන් ඇතුළු තවත් 15කට තුවාල සිදු වී ඇතැයි වාර්තා වෙයි.

ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් කී දෙනෙකු සම්බන්ධ දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර එක් තුවක්කුකරුවකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 8.00ට පමණ මෙම ත්‍රස්ත ප්‍රහාරය ආරම්භ වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here