බස්නාහිර ඇඳිරිනීතිය සතියකින් දීර්ඝ කරයි

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කර තිබේ.ඒ අනුව හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා දක්වා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථා‍නයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට හා කුලියාපිටිය පොලිස් වසමට ද මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි.

පසුගිය දිනවල කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here