කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කෙරේ

කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබේ.

ඒ, කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කිරීමත් සමඟය.

එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ විල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here