⁣කුරුණෑගල නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමයි

කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද PCR පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 17 දෙනෙකු  PCR පරීක්ෂණයට ලක්  කිරීමෙන් පසුව ඉන් 06 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

මීට අමතරව යන්තම්පළාව සහ උඩවල්පොළ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here