ගල්කිස්ස හෝටලයක ජර්මන් ජාතික සූපවේදියෙකුගේ රියදුරුටත් කොවිඩ්

ගල්කිස්ස හෝටලයක ජර්මන් ජාතික සූපවේදියෙකුගේ රියදුරුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු පසුගිය 25 වනදා කළුබෝවිල රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඊයේ දිනයේදී ඔහුට වෛරසය
ආසාදනය වී ඇති බව තහවුරු වුණි.

අදාල පුද්ගලයා කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අනුරාධපුර මහමංකඩවල පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත රියදුරෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

පසුගිය දා නිවාඩු ලබා නිවසට පැමිණි මෙම සෙබළාට දැන ගැනීමට ලැබී ඇත්තේ තමන්ගේ ප්‍රධානියාට වෛරසය ආසාදනය වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here