පුවත්පතක පාර්ලිමේන්තු වාර්තාකරුවෙකුටත් කොරෝනා

මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස කරන මාධ්‍යවේදියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට එම පුවත්පත් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම මාධ්‍යවේදියා සිය නිවසේ සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව එම ආයතනය සඳහන් කරයි.

අදාළ මාධ්‍යවේදියා විසින් ස්වෙච්ඡාවෙන්ම PCR පරීක්ෂණයක් සිදුකර ගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය
ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

කෙසේ වුවත් ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here