අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

දෙදින නිල සංචාරයක් ​සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.

ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම්
මාර්ක් ටී එස්පර් මහතා ඊයේ ඉන්දියාවට පැමිණ තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බවය.

මෙහිදි දෙරට භූ දර්ශීය සහයෝගීතාව පිළිබඳව ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන් දෙරටේ භූ තලයේ, සාගරයේ සහ ගුවන් අවකාශයේ දත්ත හුවමාරු කරගනු ලබයි.

ඊට අමතරව මෙම ගිවිසුම මගින් එක්සත් ජනපද ආරක්ෂක අංශවලට අයත් චන්ද්‍රිකාවලට පිවිසිමට ඉන්දියාවට අවස්ථාව උදාවේ.

ඒ අනුව, ඉන්දියාව ද ඉදිරියේදී ඉන්දීය සාගරයේ තිබෙන චීන යුද නෞකා ක්‍රියාකාරිත්වය පිළිබඳව නිරීක්ෂණය කරනු ඇත.

ඉන් පසුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවේය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව බලා පිටත්වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුවය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here