මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක්

මෙරට 18 සහ 19 වන කොවිඩ් මරණ දෙක වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙකි.

මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බවත් මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව අද දිනට මෙරටින් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here