දුමින්ද සිල්වා නිදහස් කොට සමාජ ගතකළ යුතුයි – මනෝ

මරණීය දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කොට සමාජ ගතකළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දුමින්ද සිල්වා මහතා අදාල සිද්ධිය සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බව මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

මානව හිමිකම් පිළිබඳව නිරත්තරයෙන් පෙනි සිටින දේශපාලනඥයකු වන තමන් ඉල්ලා සිටින්නේ තරුණයින් දීර්ඝ කාලයක් සිරගත නොකළ යුතුය යන්න බව මනෝ ගනේෂන් මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එබැවින් ඔවුන් කළ වැරදි නිවැරදි කරගෙන නිවැරදි මාර්ගයට යාමට අවස්තාව ලබාදිය යුතු බවත් දුමින්ද සිල්වා මහතා වසර 5 ක් දඬුවම් විද ඇති බැවින් ඔහු පුනුරුත්ථාපනය වී ඇති බව තමන් විස්වාස කරන බවත් අදාල නිවේදනයේ සඳහන් වේ.

එබැවින් ඔහුට යළි සමාජගතවීමට අවස්ථාවක් දියයුතු බව මනෝ ගනේෂන් මහතා පවසයි.

දේශපාලන හේතු මත වූ චෝදනා නිසා දෙමළ දේශපාලන සිරකරුවනුත් දිර්ඝ කාලයක් සිරගත වී සිටින බව සඳහන් කරන මනෝ ගනේෂන් මහතා ඔවුන්වත් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමග සාමාන්‍ය පරිදි ජීවත් විමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සිය ලිපිය මඟින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here