20 වන සංශෝධනය අනිද්දට පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මතයි – රෝහිත අබේගුණවර්ධන

හෙට (21) දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (22) දා වන විට පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මතවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද කෙළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කියපු දේ අමතක මෙවන් විපක්ෂ නායකවරයෙක් තමන්ගේ ජීවිත කාලයටම හමු වී නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මීටරයක පරතරය නොමැති බැවින් පාර්ලිමේන්තුව රැස් ‍නොකරන ලෙසට ප්‍රකාශ නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේදී විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව රැස් කරන ලෙසට පවසා අධිකරණයට පවා ගිය බව සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කලේ විපක්ෂ නායකවරයාට ඇත්තේ මහජන නියෝජිතයෙක් ලෙස ජනතාව කෙරෙහි වූ ආදරයක් ‍නොව 20 වන සංශෝධනය සම්මත කිරීමට එරෙහි වීමේ අවශ්‍යතාවය බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here