කොවිඩ් වෛරසය ගැන අලුත්ම සොයාගැනීම

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය වන CSIRO හි විද්‍යාඥයින් පිරිසක් කළ නවතම පර්යේෂණයකින් හෙළිව ඇත්තේ කොවිඩ් වෛරසයට , මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ මළ නොබඳින ලෝහ මත දින 28ක කාලයක් නොනැසී පැවතීමේ හැකියාව ඇති බවයි.
මීට පෙර සොයාගෙන තිබුණේ මුදල් නෝට්ටු සහ වීදුරු මත කොවිඩ් වෛරසයට පැවතිය හැක්කේ දින 3ක කාලයක් පමණක් බවයි.ශීත කාලගුණයකදී වෛරසය වඩාත් පහසුවෙන් වර්ධනය වන බවත්, උණුසුම් කාලගුණයකදී එහි පැවැත්ම සීමා වන බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව මේ වන විට ලොව පුරා මිලියන 37.4 කට අධික සංඛ්‍යාවකට කොවිඩ් අසාදනය වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව මිලියන 1.07 ඉක්මවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here