පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පිස්තෝලයක් සහ එම පතරොම් 6ක් සහිත මැගසීනයක් විකිිණීමට සූදානම් වූ සැකකරුවෙකු බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රු 250 000/= ක මුදලකට මුදලකට විකිණීමට සූදානම් වූ එම පිස්තෝලය සහ මැගසීනය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල ගිනි අවියක් බවට සැක කරයි.

විශේෂ විමර්ශණ කාර්යංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු ලෙස සේවය කරන අවුරුදු 37ක පුද්ගලයෙකි.

සැකකරු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here