අත්‍යවශ්‍යම දෙයකට හැරුණු කොට රෝහල් වලට පැමිණීම අවම කරන්න

රටෙහි පවත්න කොවිඩ් 19 තත්වය නිසා නේවාසික රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැන්ම්දෙයි.

ඒ අනුව මුහුණු ආවරණයක් පැළඳීම,මීටරයක දුර පවත්වා ගැනීම සහ දෑත් සේදීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස උපදෙස් දෙයි.

එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට යාම අවම කර ඔවුන්ට රැගෙන යන ද්‍රව්‍ය සුදුසු වෙනත් ක්‍රමවේද මඟින් රෝගියාට ලැබීමට සැලැස්වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ලඟම පිහිටි රෝහල වෙත යන ලෙසද ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here