පන්නල 78 හැවිරිදි මවකට කොරෝනා

පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ.ඒ ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිදු කළ PCR පරීක්ෂයනයකදී ය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන ඇයගේ පුත්‍රයාට වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගෙන් මවට ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක බිළිඳියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08)  දිනයේ රෝහල් ගත කෙරුණු එම බිළිඳියගේ ජෛව සාම්පළවලින් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයට අනුව කොවිඩ්-19 ආසාදනය වි ඇති බවට තහවුරු වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here