කොච්චිකඩේ මුහුදේ ගිලී තරුණයින් තුනක් අතුරුදහන්

මීගමුව ,කොච්චිකඩේ – පොරුතොට මුහුදේ ගිලී තරුණයින් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.ඔවුන් සමඟ පැමිණි තවත් එක් තරුණයෙකු දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙක් වන අතර පොලීසිය සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 19ත් 25ත් අතර පසුවන බවයි.

අතුරුදන් වූ තරුණයින් සොයා නාවික හමුදා හා පොලිස් කිමිදුම් කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

එම තරුණයින් දිය නෑමට ගිය ප්‍රදේශය අනතුරු සහිත බව දැක්වෙන පුවරු ද සවි කර ඇතත් ඔවුන් ඒවා තැකීමක් කර නොමැති බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here