අද දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු සහ උතුරු මැද පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේත්   මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැදුරටත් සඳහන් ⁣වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here