ලබන වසරේ සිට වවුචර් වෙනුවට නිල ඇඳුම්

 

ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.

එහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බව වාර්තා වේ.

මේ අතර ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වී තිබේ.

ජනාධිපතිවරයා අද (28) දින රෙදි නිෂ්පාදනය සිදුකරනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය.

සුළු සහ මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt.) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැයකර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්තකරුවෝ පවසන අතර ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ද ඔවුන් එහිදී ජනාධිපතිවරයාට සඳහන් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here