20 කාගෙද? කාටද?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කල යුතු බව ජනාතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ”20 කාගෙද? කාටද? ” යන මැයෙන් අද (24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”20 ගෝඨාභය මහතාට බලය ගැනීම සඳහා වුනාට ඒ පිටිපස්සේ තියෙන්නේ ඔහුට කරන්න සිදු වෙන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාපෘතිය කරගෙන යාමට ඕන කරන බලය තමයි මේ ලබාගෙන තියෙන්නේ… ” යනුවෙන් සඳහන් කලේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද අදහස් දැක්වීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here