20 පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරගන්න බැරි වුණොත් ජනතාව අතර, පරාජයට පත් කළ හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා – ජවිපෙ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පැලවත්තේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කලේ නව ආණ්ඩුක්රම ව්යාවස්ථාවක් නිර්මානය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබියෙදිත් , ප්‍රජාතන්ත්‍ර විරෝධී ,අයිතිකරුවෙක් නොමැති 20 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ආණ්ඩුව තුළම එයට දැඩි විරෝධයක් තිබෙන බවත් පෙනී යන බවයි.

මෙහිදී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කලේ 2015දී මෛත්රීපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ දෙපිරිසට ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනතාව ජනවරමක් ලබාදුන් නමුත් ඒ දෙපිරිසම ක්‍රියා කළේ ජනවරමට එරෙහිව බවයි.

”එක්සත් ජාතික පක්ෂය, සජිත් පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ මේ පක්ෂ දෙක මොන වේශයෙන් හිටියත් 1978 සිටම ඔප්පු කරමින් තිබෙන්නේ ඔවුන් ජනතාවගේ කපටි ආරක්ෂකයන් බවයි. මොවුන් ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැල්ල පවා විනාශකර දමන්නයි උත්සහ කරන්නේ. මේ සංශෝධනය නිසා ජනතාවට සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් වගේම ජීවිතවලින් පවා වන්දිගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවෙන බවට අපි අනතුරු අඟවනවා. මේ නිසා මේ තත්ත්වයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙය පරාජයට පත්කරගන්න බැරි වුණොත් දිගුකාලීනව ජනතාව අතර, පරාජයට පත් කළ හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා ” යනුවෙන්ද වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ” 19වැනි සංශෝධනයේ තාක්ෂණික අඩුපාඩුකම් නැතිවා නොවෙයි. නමුත් රනිල් මෛත්‍රී අතර ගැටුම ආවේ 19යේ ප්‍රශ්නයක් නිසා නොවෙයි. මෛත්‍රීපාල සිරිසේනට ඕනෑ වුණා, දෙවැනිවරටත් ජනාධිපතිවෙන්න. රනිල් වික්‍රමසිංහට ඕනෑ වුණා මෛත්‍රීපාලගෙන් පස්සේ ඒ පුටුවට යන්න. ඒ ගැටුම තමයි රාජපක්ෂවරුන් දැන් පාවිච්චි කරන්නේ. ඒ ගැටුමෙන් හැදුණු අරාජිකත්වය නැති කරන්න දැඩි පාලනයක් ඕනෑ කියලා රටේ මතයක් හැදුවා. නමුත් 78 ව්‍යවස්ථාවෙන් දැඩි පාලකයෙක් වුණු ජේ.ආර්. ජයවර්ධන රටම කැරකොප්පුවක් කළා. මේ කෙටුම්පත ලියපු කෙනාත් දන්නවා මේක භයානක දෙයක් කියලා. ඒක නිසා තමයි ලියපු කෙනා ඉදිරිපත් නොවෙන්නේ.” යනුවෙන් ද සඳහන් කලේය.

VIDEO: https://youtu.be/4MIqmuboaC8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here