වැසි තත්ත්වය තවදුරටත් …

ඉදිරි පැය 24 කාලය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය
ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය හෙට දින වන විට ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල (08N-16N, 83E-96E) තද සුළං, තද වැසි සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැක.

ඉහත සඳහන් කරන ලද ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත, සැප්තැම්බර් මස 22 දින දක්වා තවදුරටත් යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දෙනු ලැබේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මඩකලපුව සිට ත්‍රීකුණාමලය සහ කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:
මඩකලපුව සිට ත්‍රීකුණාමලය සහ කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here