සිකුරාදාට දේ්ශීය ඇඳුමක් අඳින්න දයාසිරිගෙන් යෝජනාවක්

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේදී දේ්ශීය ඇඳුමකින් සැරසී සේවයට   පැමිණෙන ලෙස බතික්,අත්යන්ත්‍ර ,රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පන්නල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ බතික් කර්මාන්තයටද නව නිර්මාණ හඳුන්වා දෙමින් නව මුහුණුවරක් ලබා දීමටද කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම නීතියක් නොවන බවත් දේශීය කර්මාන්ත නගා සිටුවීමට නම් අප රටේ නිෂ්පාදන පිළිබඳව අගයක් තිබිය යුතු බවත් ⁣ඒ මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here