“නාග ධාතුව” මුවාවෙන් කැලණියේ ගෝඨාගේ කැම්පේන්

ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති නමුත් ඇතැම් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තවමත් සිදුවෙමින් පවතිනවා.

ඒ බෞද්ධ ආගමික ස්ථාන ආශ්‍රිතවයි.

ඒ අතර කැලණිය විහාරස්ථානය ආශ්‍රිතව පසුගියදා ඇති වූ තත්ත්වය තවමත් පවතින අතර, ඊයේ සිට ආරම්භ වූ ධාතු ප්‍රදර්ශනය අද රාත්‍රිය දක්වා පැවැත්වෙනවා. ඊට සමගාමීව ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ලකුණ වන පොහොට්ටුව ප්‍රදර්ශනය කිරීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙන අතර, රට වෙනුවෙන් පූජා කරන්නැයි කියමින් හාමුදුරු කෙනෙකු වසින් බැතිමතුන් අතට පොහොට්ටුවක් දෙන අයුරු වීඩියෝවක් facebook හි අද(14) සංසරණය වෙමින් පවතිනවා. එය අද උදෑසන සිදුවීමක් බව අපගේ වාර්තාකරුවෙකු තහවුරු කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here