කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගේ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන ගණනාවකගේ සහභාගිත්වයෙන් “කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය” ගොඩනගමින් සමාරම්භක ජාතික සභාව අද (11) පස්වරු 2.00ට චිත්තම්පලම් ගාඩිනර් මාවතේ JMC ශාලාවේදී පැවැත්වීය.

එහිදී අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ “අපේ ස්වභාවික සම්පත් අපි හැඳින්වූයේ ජාතික සම්පත් කියලා. බණ්ඩාරනායක මහත්තයාට මේ වරාය ජනසතු කරන්න සිදුවුනේ පංච මහා බලවේග නැගිටලා අරගල කළ නිසයි. නමුත් අපි ඡන්දේ දීලා පත්කළේ වෙන්දේසි කොම්පැණියක් කියලා හිතෙනවා. වෙන්දේසි කොම්පැනි වෙන්දේසියට කලින් ගණාඨාරය ගහලා වැඩකළත් මේ ආණ්ඩුව ඝාණ්ඨාරයවත් නොකළත් වෙන්දේසිය පටන්ගෙන තියෙනවා. මේ රට පික්පොකට් ගහන්න ලෑස්තිවෙන්න එපා කියලා ආණ්ඩුවට කියන්න කැමතියි. මේ රටේ එත බිම් අඟලක් විකුණන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව බිහිකළේ දේප්‍රේමී ජනතාව. ඒ නිසා මේ ආණ්ඩුවට අපි කරුනාවෙන් කියනවා, මේ විදිහට හැසිරෙන්න එපා කියලා. විදේශිකයන්ට සිනහව දීලා රටේ ජනතාවට එපා කියලා.” යනුවෙන් පැවසූහ.

එසේම වැඩි දුරටත් අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියෝ “මමත් මේ රටේ හැම දේශපාන පක්ෂයක්ම ආශ්‍රය කරනවා. දැන් මේ දෙගොල්ලන්ට තුන්ගොල්ලන්ට දුන්න ඇති. අලුත් පිරිසක් මේ රට බාරගන්න සූදානම් වෙන්න.”යැයි පැවසූහ.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පවරාදීමට විරෝධය පළකරන උද්ඝෝෂණයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙට (12) ප.ව. 4.00ට කොළඹ, ගෝල්ෆේස් පිටිය අසළදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here