මෙරට කොවිඩ් මරණ ගණන 217 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබේ.

  1. මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික්ක රෝහලේදී 2021 ජනවාරි මස 3 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ ස්වසන පද්ධතියේ ආසාදනයයි.

02.කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි මස 2 වනදින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ලේ විෂවීම සහ ඇදුම රෝගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here