ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායක වෙනවා – බැසිල්

ජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය , ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වන බවත් ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරිගමනට ඍජුව දායක වන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ පසුගියදා (21) කොළඹ, අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.

අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන් වලින් ප්‍රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

2021 අයවැය යෝජනා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here