මධ්‍යම පාන්තිකයන්ට අවම පොලියකට නිවාස 3000ක්

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

ඊයේ (14 ) නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයින් සඳහා වෙන්වනු ඇත.
මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මුලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය.

ඒ අනුව මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා යටතේ නිවාස ලබා දීමට තීරණය කෙරිණි.

පසුගිය යහපාලන රජය විසින් අතර මඟ නවතා දමා තිබුණු ,2015 ට පෙර මුල්ගල තැබූ නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය මෙම හමුවේදී සඳහන් කළේය.

ඉදිරියේදී කලාකරුවන් සඳහා ද නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

2024 වර්ෂය වන විට නිවාස එක් ලක්ෂ පනස් දහසක් නිම කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here