මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 60 ඉක්මවයි

අද (16) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 61කි.

  1. මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.

  2. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙළෙන අතර කොවිඩ් ආසාදනය වීමයි.

  3. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව සහ සංජානනීය හෘදරෝගය කෙවිඩ්-19 ආසාදනය වීම නිසා උත්සන්න වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here