කුරුඳුවත්තේ අනතුර ගැන ඡායාරූපවල සිටින තරුණියගෙන් සටහනක්

කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ පිහිටි නන්දා මොටර්ස් වාහන ප්‍රදර්ශනාගාරය තුළට ඊයේ (15) වාහනයක් කඩා වැදීමෙන් විකිණිම සඳහා ප්‍රදර්ශනාගාරය තුළ තිබූ වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

අනතුර සිදුකළ ටොයෝටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථය පදවාගෙන පැමිණ ඇත්තේ තරුණියක් විසින් වන අතර ඇයට වලංගු රියදුරු බලපත්‍රයක් හෝ නොමැති බව වාර්තා වේ. ඇය බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයෙකුගේ දියණියක බව වාර්තා වෙයි.

අනතුර සිදු වූ වහාම අනතුර සිදු කළ වාහනයේ අංක තහඩු යම් පුද්ගලයෙකු විසින් ගලවා ඉවත් කරන ආකරයක්ද දක්නට ලැබිණ.

මෙම අනතුර සම්බන්ධයෙන් එම තරුණිය හා තවත් පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම තරුණියගෙ සහෝදරයා විසින්ද පසුගිය වසරේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්විය.

කෙසේ වෙතත් සමාජ ජාල ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල සිටින සිඩ්නි වික්‍රමනායක නැමති තරුණිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ අනතුර සිදු කළ මෝටර්රථය පදවාගෙන පැමිණියේ තමන් නොවන බවයි.

එම පොලිස් නිළධාරියාගේ දියණිය තමන් නොව ඇය තමාගේ මිතුරියක බැවින් අනතුර සිදු වූ අවස්ථාවේ ඇයට උදව් කිරීම පිණිස පැමිණි බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here